තරුණ පරම්පරාවේ අද දවස යනු රටේ හෙට දවසයි. හෙට රට ගැන අද අනාවැකි කියන්නට තරුණ පරපුර දෙස බැලූවිට පුළුවන්. එහෙම බැලූවාම අපේ රටේ අනාගතය ගැන දේශපාලකයන් කියන බොරු කතා අත්හැරියාම අනාවැකි කියන්න බැරිකමක් නෑ. කොහොම වුණත් ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරුවෙන් මාරුවට වෙන රුවටිල්ලට මේ පාරත් තරුණ පරපුර ලක්වෙලා තිබෙන බව නම් පැහැදිලියි. මේ ආණ්ඩුව බලයට පත්කරද්දී රට පුරා සිටි තරුණ පරම්පරාව යම් අරගලයක් කළා. ඒක දේශපාලන පක්ෂ, පාට හා බැඳුණු එකක් නෙවෙයි. ඒ නිසා තරුණ අරගලය පසුපස ඇති දේශපාලන පණිවුඩය අල්ලාගන්න මේ පාලකයන් උත්සාහ කළේ නෑ. එහෙම නැත්නම් ඒක දැක්කත් නොදැක්ක ගානට සිටියා. මේ නිසා දේශපාලන වෙනසක් සඳහා තරුණ පරපුර මතුකළ සටන් පාඨ දැන් පාලකයන්ට පලක් නැති වෙලා.
අලුත් ආණ්ඩුවත් පරණ අය වගේම තරුණ පරපුර ගැන උනන්දු බව දවස පුරාම කියන කතාවලින් පැහැදිලියි. මතක තියාගන්න. වැඩවලින් නෙවෙයි. කතාවලින්. කාලයක් පුරා තරුණ කැළ තුළ සිරව තිබුණු අපේක්ෂාභංගත්වය පුපුරා යන්න නොදී තාවකාලික පැලැස්තරයක් දමන්න පහුගිය කාලෙදි රියැලිටි වැඩ ඉමහත් සේවයක් කළා. මේ නිසා ගායකයෙක් වෙලා හෝ චරිතයක් වෙන්න බොහෝ අය උත්සාහ කළා. හැබැයි දැන් එහෙම උත්සාහ කරලා ජයගත් අය ගැනවත් අපට මතක නෑ. ක්ෙෂ්‍්ත්‍රයේ රුඳුණා නම් ඒ කීප දෙනකු විතරයි. චරිතයක් වෙන්න හිතාගෙන දුර ඈත පළාත්වලින් කොළඹ ආපු පට්ට ගැමි තරුණ තරුණියන් මයික්‍රෆෝනය ඉස්සරහා අන්දුන් කුන්දුන් කරලා මුළු රටම ඒ දවස්වල ලොකු විනෝදයක් ලබාගත්තා. දවස පුරාම තිබුණු පීඩනය පිටකරගන්න ඒක හොඳ අවස්ථාවක් වුණා. දෙපැත්ත ගහගෙන මැරුණු සොල්දුදාවන් හා තර ඒකස්තවාදීන් ගණනය කරමින් සිටි ජාතියකට අලුත් අවස්ථාවක් පහළ වුණා. සංගීතය ගැන මෙලෝ අවබෝධයක් නැති නාටිකාංගනාවන්ගෙන් සමහර වෙලාවට නන්නත්තාර වුණේ විශාරද පොරවල්. කොහොම වුණත් ඒ වින්දනයත් යම් සීමාවකට එද්දී අලුත් රැවටිල්ලක් හොයන්න අලෙවිකරුවන්ට සිදුවුණා.
දැන් ආණ්ඩුව අතගහලා තියෙන්නේ අන්න ඒ විදියට පැත්තකට දාපු රියැලිටි වැඩට. පවුඩර් සංස්කෘතිය අවසන් කර දහදිය රියැලිටියට කියලා ටිකක් වෙනස් නමක් දැම්මාම වැඩේ පත්තුවෙයි කියලා තරුණයන් බාර අය හිතනවා. ඒකෙන්ම පැහැදිලි වෙන්නේ මේ මිනිස්සු කොච්චර පසුගාමීද කියලයි. පහුගිය කාලේ තිබුණු රියැලිටි වැඩවලින් ඵලදායී තරු බිහි කරන්න හැකිවුණේ නැති නිසා මෙහෙම වෙනස් වැඩක් පටන්ගත්තා කියලයි ඒ අය කියන්නේ. ඒත් මේ කියන වෙනස ඇතුළෙත් ආයේම හමුවන්නේ සින්දු කියවලා ශරීර ශක්තිය පෙන්නලා සංගීත භාණ්ඩයක් වාදනය කිරීමමයි. තරුණයන් ගැන සැලසුම් හදන මිනිස්සු කොච්චර පටු සීමාවල හිරවෙලාද? ඇත්තටම දැන් අපිට අලුතින් තරු ඕනෑද කියන ප්‍රශ්නය නැවත වරක් හිතන්න වෙලා තිබෙනවා. මොකද ශත ගණනේ එස්.එම්.එස් එකෙන් ලාභ සිල්ලරට හදපු තරැ රට පුරාම පායලා තිබෙනවා. එහෙම බැලුවාම මුළු ලංකාවම දැන් තිබෙන්න ඕනේ බබළමින්. ඒත් රටක් හැටියට ලංකාවේ එහෙම දීප්තියක් දැන් නෑ කියලා අපි හැමෝම දන්නවා. ඇත්තටම දැන් රටවැසියන් ඉන්නේ තරු පෙනිලයි.
කස්ත්‍රෝව සමරන්න රාජ්‍ය නායක නිල නිවාස වෙන්කෙරෙනවා. ඒ අස්සේම කස්ත්‍රෝලා රුකගන්න කැපවීම් කළ අධ්‍යාපනය වැනි අයිතීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනා අනුව කප්පාදු වෙමින් තිබෙනවා. එහෙම අවස්ථාවක තරැ පෙන්නලා තරැණ පරපුර කොර කරන්න නම් හදන්නේ අපි ඒකට ඉඩදෙන්න ඕනේ නෑ. දිලිසෙන ඇඳුම් අන්ඳලා මාල දම්මලා කොණ්ඩ හැදුවාම කොල්ලෝ කෙල්ලෝ ටික ලාබෙට අල්ලාගන්න හැකි යැයි හිතන අය ඉන්නවා. ඒත් ඔවුන් නොදන්න දේත් තිබෙනවා. මොන ප්‍රශ්නය තිබුණත් රටේ තත්ත්වය ගැන එදාට වඩා වැඩි අවබෝධයක් තරැණ පරම්පරාවට තිබෙනවා. ඒ නිසා සීනිබෝල නැතිව ජීවිතේ අඩිතාලම දාන්න කියලයි ඔවුන් ආණ්ඩුවට කියන්නේ. ඒත් පාලකයන් ඒ ඉල්ලීම් නොතකා මේ හදන්නේ ඔවුන්ව නැවත නැවතත් තරැ සයුරේ ගිල්වන්න නම්.... ඔව්.. අපි කියන්නේ දෙපාරක් හිතන්න කියලයි. රුවටිලිකාර දේශපාලනයට තරැ පෙන්වන්න තරම් ඔවුන් දැන් ශක්තිමත්.
ඩබ්ලිව්.පී. ගයාන් රණවක
තලාතුඔය